BBC News, සිංහල - ප්රධාන පුවත්
ප්රධාන පුවත
හෝමාගම පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ඉෂාර හර්ෂ කුමාර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුවූයේ කුමක් ද?
"ගහලා මැරුවේ.. එයාට කිසි ම ලෙඩක් තිබුණේ නෑ. කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයෙක් එනකොට කොහොම ද උස්සගෙන එන්නේ. තිරිසනෙකුට වගේ ගහන්න ඇති බඩවල්වල නිල් පැල්ලම්, කටෙන් ලේ පැනලා." හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාරගේ බිරිඳ වන පියුමි නිසංසලා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ, පොලිස් පහර දීම හේතුවෙන් තම සැමියා මිය ගිය බව ය.
නාමල් රාජපක්ෂට එරෙහි නඩු දෙකක් එක ම මහේස්ත්රාත් ඉදිරියේ අද කැඳවූ හැටි
Airbus ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මේ වන විට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබෙන බැවින් එහි සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හෙට (ඔක්: 28) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ ය. මේ අතර, ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර තිබෙන ඇප ඉල්ලීම පිළිබඳව හෙට දින (ඔක්: 28) සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියෝග කළේ ය.
ඉදිරි සතියේ අවසන් වන ඊශ්රායල් සහ ඇමෙරිකා මැතිවරණ ලෝකයට බලපාන්නේ කෙසේ ද?
ඉදිරි සතිය අවසන් වන විට මහද්වීප දෙකක මැතිවරණ දෙකක් පවත්වා අවසන් වනු ඇති අතර, ඒවායේ ප්රතිඵල ලෝකය කෙරෙහි දැඩි බලපෑම් ඇති කිරීමට ඉඩ තිබේ. අහඹුවක් වුව ද මැතිවරණ කාලසටහන් සකස් වී ඇති ආකාරය හේතුවෙන්, සැතපුම් 6,000ක් පමණ දුරින් වෙසෙන මිලියන ගණනක ඡන්දදායකයින් දින කිහිපයක පරතරයකින් යුතුව තම ප්රජාතන්ත්රවාදී අයිතිය භාවිත කිරීම සඳහා එක්වනු ඇත.
රනිල් වික්රමසිංහ සිරකරුවෙකුට දුන් පොදු සමාව බලශූන්ය බවට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
සිය භාර්යාවට නඩත්තු හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස 29ක සිර දඬුවමක් නියම වී සිටි මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තා පොදු සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ගත් තීරණය බලශූන්ය බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
ඇමෙරිකාවේ සුවිශේෂී අගැයීමකට ලක්වූ ශ්රී ලංකා නාවික හමුදා නිලධාරිනිය
ලුතිනන් කමාන්ඩර් පියුමි කත්රිආරච්චි කැලිෆෝනියාවේ මොන්ටෙරේහි පිහිටි එක්සත් ජනපද නාවික හමුදා පශ්චාත් උපාධි අධ්යයන ආයතනයෙන් (NPS) සිය කණ්ඩායමේ ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් අතරට එක්වෙමින් ඇයගේ ශාස්ත්රපති උපාධිය ලබාගෙන තිබේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්ය ද?
අවම ඩේටා ප්රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්යා දත්ත ඇසුරෙන්
කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්රදේශ ආශ්රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.



















































